Monday, September 26, 2011

ඈ ප්‍රියමනාප ගැහැණියක්!

මිනිසුන් දෙකම්මුල් උඩට ඉස්සෙන අවඥ්ඥා සහගත සිනහා නගමින් අප දෙස බලනු ලැබුවා. මා ඈ පසුපස ඇවිද ගියා. ඇගේ පෙම්වතුන් කවුදැයි සහ ඔවුන්ගේ විස්තර සියල්ල අසා සිටියා. මට ඒවා ගැන මතකයක් තිබුනේ නෑ. ඇයට ගිණිය නොහැකි මට්ටමේ පෙම්වතුන් සිටි අතර, ඔවුන්ගේ අඩුපාඩු ද එමට තිබුනා. ඈ අන් සහෝදරයන් අභිබවා මා විශ්වාස කල අතර මා ඇයගේ විශ්වාසය රැකීමට බැඳී සිටියා. ජුලියා, ඈ මගේ ලොකු අක්කා.  කිව නොහැකි තරම් සමීප බවක් අප අතර වූ නමුත් ඈ කිසි දිනක මා හට තරවටු කලේ නෑ. වැරදි යයි සම්මත දේ කෙරෙහි ඇගේ ආකල්පය වෙනස් එකක්. 


ඈ මාගේ අතේ වෙලී පාරේ ඇවිද යන දෙස බලා හිඳි වැඩිහිටියන් අපගේ හැසිරීම ගැන දොස් නැගුවා. "දැන් කාලෙ හැදෙන උන්", "මුන්ට විසේ" කියපු උන්ට පේන්නම අපි ඇවිද ගියා.. කතා කරමින්. අවලාද නැගූ කිසිවෙකුත් ඒ මාගේ සහෝදරිය යැයි නොදැන සිටි අතර මා මවුට තරමටම ඇයට ආදරය කරන බවත් විකෘති ලෙස තේරුම් ගෙන සිටියා. පාරේ එකට ඇවිද යනෙන අතරතුර ඈ මා හට හරියට වැරදි කරන සැටි කියා දුන්නා. ඈ රෝස පාටට අකමැති වූ අතර මේකප්, ෆේෂල් වලින් තොර වූ සෞන්දර්‍යයක් කෙරේ ඈ යොමුවී සිටියා. ඈ මා සමග වෙරලේ ඇවිද ගියා. අයිස්ක්‍රීම් දෙකක් ගෙන එන්න මා ඈතට යැවූ ඈ ඒ අතරතුර එහි ඇවිද යන පෙම්වතුන් යුවලකට බහින්බස් වීමට ඉඩ සැලස්වූවා.
"අක්ක ඇයි ඒ කොල්ල දිහා එහෙම බැලුවේ.. ඒකනේ එයත් එහෙම හැරිලා බැලුවේ."
"ඇයි ඌට කෙල්ලෙක් ඉඳිද්දිත් ඌ මගේ දිහා බලන්නේ? ලව් කරන කොල්ලොන්ට වෙනින් කෙල්ලෙක් දිහා බලන්න බැරිද? ආසා කරන එක තහනං ද?"
මාගේ ප්‍රශ්නයට ඈගෙන් ආපසු ප්‍රතිවිරුද්ධ මතයන් අවුස්සන ප්‍රශ්න දෙකක් නැගුනා. මා එතනින් ඒ කතාව නැවැත්වුවා.

ඈ මට කවදාවත් මල්ලී යැයි කීවේ නැහැ. ඔහේ දිවට ආ ආදර යෙදුම් විසින් ඈ මා ආමන්ත්‍රණය කලා. නමුත් මා ඇයට අක්කා කීමට පුරුදුව සිටියා.
"ප්‍රියමනාප මූණක් තියෙන ගෑණු, සමාජෙට බලෙන් ප්ලග් වෙන්න යන්නේ නෑ. සමාජේ ඒගොල්ලෝ වටේ එකතු වෙනවා, ඒගොල්ලෝ ප්‍රියමනාප නිසා. ඒක සෙක්ස් මුලට දාගෙන වෙන එකතුවීමක් නෙමෙයි. සෙක්ස් ඉස්සරහට ආව කියලත් ඔය බැඳීම අවුල් වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ ජීවිතේ සෙක්ස් විතරක්ම තියෙන එවුන් එක්ක ඔය වගේ බැඳීම් ගෙනියන්න බෑ. 
ප්‍රියමනාප නැති කැත ගෑණු, සමාජෙට බලෙන් ප්ලග් වෙන්න යනවා. ප්‍රසිද්ධ වෙන්න දේවල් කරනවා. ඒක හරිම විකාරයක් විදියට බලං ඉන්න උන්ට පේනවා. උන් සෞම්‍ය පාටවල් ප්‍රමෝට් කරන, දාඩියට ඊයා කියන, පාරෙදි දකින හැම එකාගෙම දුක බෙදාගන්න බලාගෙන ඉන්නේ. තව එකක්, රූපේ ලස්සනක් නැති උනත් ප්‍රියමනාප ගෑණුත් ලෝකේ ඕනතරං ඉන්නවා. 
අනිත් ජාතිය ප්‍රියමනාප නැති ලස්සන ගෑණු. ලස්සන උනැයි කියන එකෙන්ම මනුස්සයෙක්ගේ ඔක්කොම දේ හරියන්නේ නෑ. සමාජේ බලෙන් එහෙම උන්ට ප්ලග් වෙන්න එනවා. හැබැයි මුන් සමාජේ ප්‍රතික්ෂේප කරනවා. උන්ගේ ලස්සන ඇතුලේ උන් අතරමං වෙලා. ලස්සන කියන දෙයින් එහා ගිහින් ආදරයක් ගැන හිතන එක උන්ට වහල් බාවයක් වගේ. එනිසා ඔයා ගෑණු ආශ්‍රය කරාට කමක් නෑ. ඔය ටික ඔලුවේ තියාගෙන ආශ්‍රය කරන්න."
රළ ශබ්දය පමණක් දෙසවනට ඉතිරි කර ඇය නැවතත් ඇගේ දිව අයිස්ක්‍රීම් එක හා දවටමින් සිටියා. මගේ අක්කා ප්‍රියමනාප ගෑණියෙක්. මට පලවෙනි පාරට එහෙම හිතුනා. ඔව්, ජුලියා ප්‍රියමනාප ගෑණියෙක්!

6 comments:

  1. පට්ටයි ... කිව්වාට කමක් නැහැනෙ

    ReplyDelete
  2. maru muchaa...!--*****--

    ReplyDelete
  3. නියමායිzzzzzzzzzzz මචං නියමායිzzzzzzzzzzz :D

    ReplyDelete
  4. "ඈ මගේ ලොකු අක්කා. කිව නොහැකි තරම් සමීප බවක් අප අතර වූ නමුත් ඈ කිසි දිනක මා හට තරවටු කලේ නෑ. වැරදි යයි සම්මත දේ කෙරෙහි ඇගේ ආකල්පය වෙනස් එකක්."

    මටත් බය නැතිව කියන්න පුලුවන් ඕක.. :D
    අපි දෙන්නා බස් එකේ යද්දි වැරදිලා හරි පෙම් මුල්ලට යන්න උනොත්.. මිනිස්සු බලන්නෙ අපිව කන්න වගේ :D

    මරු කතාව.. මේ දවස්වල මං ලොක් අක්කට බැන බැන උන්නෙ.. දැන්නම් ආදරේ හිතෙනවා ආයෙ :D

    ReplyDelete