උඹ මගේ දිහාට සිගරට්ටෙක දික්කළා.
මං ආසාවෙන් උඹට ගින්දර ඇල්ලුව.
අසම්මතේට උඹ හදිසියේ බය වුනා.
උඹ වගේ නිදහස් ගෑනියෙක් සිගරට් බිව්වට මොකද?
උඹ සිගරට්ටෙක අහකට ගත්ත.
මං තාමත් ගින්දර අල්ලගෙන.
උඹ හිතුව ගින්න නිවෙයි කියල.
ඒත් උඹට අවුලපු ගින්න තාම කෙළිං.
උඹට බය හිතුන.
උඹ සිගරට් බොන්න හිතපු විත්තිය උන්ට දැනෙයි කියල.
උඹ ගින්න නිවන්න හැදුව.
ඒත් තාම උඹට අවුලපු ගින්න කෙළිං.
උඹ තරහ වුනා.
උඹට ගින්න නිවන්න බැරිකමට.
උඹේ බැරිකමට ගින්න මක්කොරන්නද?
උඹේ බැරිකමට මං මක්කොරන්නද?
උඹට අවුලපු ගින්න තාම කෙළිං.
ඇත්තම කිව්වොත් කරදහියෙ ලිව්ව කතාව මට උඹට එසෙමෙස් එකකින් එවන්න බය හිතුන. මං ඒක වීරය වගේ නිල් කොලේක ලියල පර්ස් එකට ඔබාගත්ත.
ඒ කිව්වෙ අර මයිඩ මාම ඉන්න නිල් කොලේ?
ReplyDeleteමයිඩ නෙවෙයි මයින්ඩර් මාමා...
ReplyDeleteඅද බ්ලොග් අවකාසේ නිල් පාටයි!
ReplyDeleteනිල්ම නිල් පාටයි..
ReplyDelete