Sunday, September 18, 2011

ඈ කවුද?



ජුලියා මෙලොව මින් පෙර මා දුටු සහ මේ විය හැකියැයි සිහින මවන තරුණියක්. ඈ මාගේ සිත තුල ගොතන්නේ ඔබ වන්නට පුලුවන්. නො එසේනම් ඔබ යැයි ඔබ විසින් හඳුන්වාගන්නේ ඈ වන්නටද පුලුවන්. මේ කතා ඇතුලේ ආදරයක්, දේශපාලනයක්, සාහිත්‍යයක් තියා මොන මගුලක් තිබුනත් මේ කතාවේ පොදු සාධකය ජුලියා. ඇය මට මෙය ඉදිරියට ගෙනයන්න උත්ප්‍රේරක සපයනු ඇති. මෙය නිෂ්ඵල වෑයමක් වන්නටත් පුලුවන්. ජුලියා ගැන ස්ථීර චිත්‍රයක් ඔබ විසින් මවා ගැනීම මා අනුමත කරන්නේ නෑ. මන්දයත් ජුලියා තරුණියක් වීමට බළාපොරොත්තුවෙන් සිටිනවා වන්නටත් පුලුවන්. නො එසේනම් ඈ තරුණයක් විය හැකියි. තවත් සමහර විටෙක ඈ දශකයකට දෙකකට පමණ පෙර තරුණියක්ව සිටියා වන්නටත් පුලුවන්. ඒත් නිෂ්පාදනය තුල ජුලියා තාරුණ්‍යයේ පමණක්ම ජීවත් වනු ලබනවා.



එසේනම් ලඟදීම හමුවෙමු ජුලියාගේ නිෂ්පාදනයක් තුලින්.

5 comments:

  1. හරි එහෙනම් හම්බවෙමුකෝ....

    ReplyDelete
  2. මටත් ඉඩක් තියන්න ඔ‍තන

    ReplyDelete
  3. මම ඇයට දකින්න කැමතියි

    ReplyDelete