Friday, September 23, 2011

ඈ බුද්ධිමත් උගත්තියක් විය.

ජුලියා, ඈ බුද්ධිමත් විය. මා සමග වූ බොහෝ වාද විවාද වලදී නිහඬව සිටීමට තරම් ඈ බුද්ධිමත් විය. වරක් සමත් නොවූ උසස්පෙළ විභාගය නැවතත් නොකිරීමට තරම් ඈ බුද්ධිමත් විය. අඟේ සිට කන කන්නවුන්ට උපදෙස් නොදී මග හැරීමට තරම් ඈ බුද්ධිමත් විය. පියාගේ මුරණ්ඩු ගති උදෙසා බ්‍රහ්ම දණ්ඩය දීමට තරම් ඈ බුද්ධිමත් සහ නිර්භීත විය. උණුසුම්කාරී තත්වයන් වචනයකින් දෙකකින් සමථයකට පත්කිරීමට තරම් ඈ බුද්ධිමත් විය.


ඈ උසස් අධ්‍යාපනයට ගිය අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී ඇයට මා හමුවිය. ඈ මා වෙත හෙලූ සිනහවන් මා පිලිබඳ ඇයගේ අදහස කුමක් දැයි දැනගැනීමේ මා තුල වූ කුතුහලය දැඩි කලේය. තත්වය නොසන්සුන්වූ සමයෙක මා ඇගෙන් ඒ පිලිබඳ විමසා සිටියෙමි. ප්‍රශ්නයට ඇයගෙන් ප්‍රශ්නයක් එල්ල විය.
"ඇයි ඕක ඔන්ලයින් අහන්නේ?"
ඉන්පසු මා ඇයගෙන් මුහුණට මුහුණ තත්වය විමසූ අතර, මුලින් කල වැරැද්දට දඬුවම් වශයෙන් පිළිතුර කල් දැමීමට ඈ තීරණය කර තිබිණි. මා වෙනත් ස්ත්‍රියකට ආලය කිරීමට පටන් ගත් අතර, කිහිප දිනකින් ජුලියා නැවත් සුභදායී පිළිතුරක් සමග මා වෙත පැමිණියාය. පැතූදේ අසල ගැවසෙන්නට ලද ඇසිල්ලේ නොපැතූ දේ හට මවිසින් ප්‍රේම කරමින් සිටියෙමි. සියල්ල සතුටින් විසඳී නැවතත් මා සිහින මැවූ ජුලියා තුරුල්ලේ විය.

ඉවසීම ඵල රහිත වූ කල මා සපිරීමට සිටි උපාධිය පසෙකලා මා සිහින මැවූ පත්තර රස්සාවට මිතුරු මාර්ගයෙන් මා එක්වූ අතර ඈ උපාධිධාරිණියක් වීමේ පරම ආධ්‍යාෂයෙන් විය. තත්වය සොඳුරු වූයේ අප එක්වන අවස්ථා වල අප හට දෙඩීමට වෙන වෙනස් වූ මාතෘකා බොහෝ වීම නිසාවෙනි. අවසන බුද්ධිමත් ඈ උගත් වීමට ගත් තීරණය සම්බන්ධව නූගත් මා බුද්ධිමත් ලෙස සතුටු විය.

නැවතත් ජුලියා ප්‍රධාන චරිතය රඟන ජුලියාගේ  නිෂ්පාදනයකින් හමුවන තුරු ඔබට ජය!

3 comments:

  1. ඕහෝ මේකේ මුල ටික කලින් අහලා තිබ්බා වගේ මතකයි! ;)

    ReplyDelete
  2. "i think i know this julia story... :D elaaa"

    ReplyDelete