tag:blogger.com,1999:blog-51921118977438720492024-03-05T13:25:38.626-08:00ජුලියාගේ නිෂ්පාදනයක්විඳීම් උත්පාදනයක්Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5192111897743872049.post-48111316306767012652014-04-28T20:52:00.002-07:002014-04-28T20:56:34.966-07:00විරහවේ උත්පත්තියහෙට හරිම කාලකණ්ණි උපන්දින සැමරුමක් තියෙන දවසක් ජුලියා. අවුරුදු හතරක් තිස්සෙ ලබපු හොඳම උපන්දින තෑගි අහිමි සැමරුමක් හෙට හිත ඇතුලෙන් සැමරෙන්නට නියමිතයි. හැම සැමරුමක්ම අත්පුඩි ගහල ඉවර නොවෙන විත්තිය කියල දීපු හෙට සැමරෙන්නට නියමිත උපන්දිනය උඹේ වටිනාකම වැඩි කරනව ජුලියා. මේ කතාව මීට කලිං ලියන්න හිතං හිටියෙ වඩා ප්‍රබන්ධනාත්මක වෙන්න ඕන නිසයි. ඒත් මාස හයක් පරක්කුවෙලා ඒ ගැනම ලියද්දි ඊට පෞද්ගලික අත්දැකීම් එකතුවෙයි කියල හිතුවෙ නැහැ ජුලියා. විරහව හිමි අහිමි ප්‍රශ්නයක්.

අහිමි වීම් එකදිගට එද්දි මිනිහෙක්ට ඒ කාලය මහ අසුබ කාලයක් කියල හිතෙනව. ඒක වැරදියි. මං ඒක වැරදියි කියල හොයාගන්නෙත් උඹෙන්. ඒ උඹේ සුන්දර උස්නෙ මට වදින්නෙ මගේ ජීවිතේට වැඩිපුරම ප්‍රශ්න තිබ්බ කාලෙ නිසා. ඒ නිසා ඒ කාලෙ මට අසුබ නැහැ. මේ වෙද්දි මට මහ ගොඩක් ප්‍රශ්න නැතත් එහා පැත්ත හිස්වෙලා මැවිච්ච බරපතල අහිමි වීම දරන්න අමාරුයි. මීට කළිං ඒව වගේම මේකත් උඹේම නිෂ්පාදනයක් ජුලියා. අධ්‍යක්ෂක මම වුනත් මට මගේ විදියට චිත්‍රපටය අවසන් කරන්න ඉඩක් නැහැ.

උත්පත්ති මූලය උඹ කියල දැනදැනත් මං මේ විරහවට ආදරේ කරන්න හුරුවෙලා. ඒ උඹට වෛර කරන්න

හිතට අමාරු නිසා. කොහොම කලත් හිතට මට වඩා කෙළෙහි ගුණේ තියෙනව. හිතට හිතෙන්නෙත් උඹ නිසා. ඒක මං වගේම උඹත් දන්නව. මේ උපන් දිනේට මට සුබ පතන්න උඹේ හිතට අමාරු දැනේවි. එනිසයි මේ කෙටි සටහන. හැබැයි එකක්. හැමදාම වගේ යාළුවො එක්ක අරක්කු ටිකක් බීල ගෙවුනත් හෙට උපන්දිනේ හරිම වෙනස්. ඒ කොහේ වැටිල හිටියත් මට සනීපම මගේ හොඳම කොට්ටෙ උඹේ උකුල නිසා. ඒක සයිමනුත් ගෑනිට කිව්ව වගේ "මං රජෙක්. මට අන්තඃපුරේ කොච්චර ගෑනු හිටියත් අගරැජින උඹ".ඒකට මගෙනුත් කෑල්ලත් එකතුවෙනව. ඒ අග රැජින නැති වුනා කියල ඊළඟ කෙනා එතනට මාරුවෙන්නෙ නැහැ. අග රැජින එනකංම එතන හිස්ව තියෙනව. මං යනව සමරන්න. උඹට ජය!

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com1tag:blogger.com,1999:blog-5192111897743872049.post-24358680954330359732013-03-02T08:31:00.004-08:002013-03-02T08:31:54.277-08:00ඇය කෙළිදෙලෙන් කල් ගෙවූවාය.

ජුලියා, කොට්ටයට එබී ඇති මා හිස ගෙන ආදරයෙන් ඇයගේ උකුල් තළයෙහි හොවාගන්නී. මාගේ කොන්ඩා පොකුරු තුළ සිහින් ඇඟිලි තුඩු ගමන් කරවන්නී. අමාරුවෙන් හිස පහත් කර මගේ කම්මුල සිඹින්නී. මා ඇස අරින බව දුටුවනම හිස මෙට්ටයේ ගැටෙන්නට හැර දිවයන්නී. ඇය මා හට ආදරය දැක්වීමට පැකිළුනාය. නමුත් මට හොරා ඇය මා කෙරේ ආදරය වපුරමින් සිටියාය. ඇය මාගේ එකම නැගනියයි, ජුලියා.

පාසල් හැරී විත් මාගේ විශාල කමිසයක් ඇඟලා ගේ වටා දුවන්නී. මාගේ ලාච්චු ඇද සඟවා ඇති අලුත්ම කවිය කියවන්නී. පැරණි මාසයේ පඩිපත ගෙන කොපමණ වැටුප් වැඩිවීදැයි සොයන්නී. සියල්ල නැවත තීබූ ලෙසටම තැම්පත් කරන්නී. හොරෙන් කොපමණ රස බලා ඇතත් නැවත නැවතත් මගේ රම් බෝතලයෙන් සිහින් තීරුවක් වීදුරුවකට දමා උඩබලං ගිලදමන්නී. අමාරුවෙන් මුහුන හකුළුවාගෙන හපන්නට දෙයක් සොයමින් කුස්සියට දුවන්නී. වෙහෙසකර දිවියට සිහිල් නල පිඹින්නී ඇයයි, ජුලියා.

පසුම්බියෙන් හොරෙන් මුදල් ලබාගන්නී. ලබාගන්නට නොහැකි වුවහොත් ඉල්ලාගන්නී. ඉල්ලාගත් මුදල ඉතිරිකර මට කියා අවැසි දේ ගෙන්වාගන්නී. බොහෝ වේලා තතනා පෙම් පලහිලව්වක් ගැන කියන්නී. මවාගන්නා තරහා මුහුන මැඩීමට නොයෙක් සුරතල් පාන්නී. අම්මාට නොකියන ලෙස බැගෑපත් වන්නී. ඔහු සමග කතාබස් කරන ලෙස ආයාචනා කරන්නී. කතා කලාට කමක් නෑ බොන්න එහෙම යන්නෙපායි සැරවන්නී ඇයයි, ජුලියා.

ගැහැනු කුලකයේ නොයෙක් වූ භූමිකා සොයමින් යන්නී. අයියාට අනුව නංගීත්, මල්ලීට අනුව අක්කාත් වෙනස් කර දක්වන්නී ඇයයි, ජුලියා.

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-5192111897743872049.post-90650401476794625162012-10-31T03:02:00.000-07:002012-10-31T03:04:37.377-07:00එහිතට ඇමතුවෙමිඇයට ලියමනක් ලියන්නට මට හිත් වුනා. එසෙමෙස් එකකට එහා කතාවක් කියන්න ඕන නිසා මං කඩදාසියක් හෙව්වා. ජුලියා මතක්වෙද්දි මගේ හිත කිව්වෙම ලා කොළ පාට. ඒත් නිල් කඩදාසියක් අවසානයේ සියල්ල සපුරන්න බිම ඉඳන් මං දිහා බලං හිටියා. ඉඩ මදි වෙයිදත් මන්දා... කතාව කෙටි කරන්න මම හිතාගත්තා. ලියන්න හිතුවා පේළි ටිකක්.. තාමත් කඩදාසිය මං දිහා බලාගෙන.. අන්තිමට මං ලිව්ව... ජුලියාට. මං ආසම ගෑනිට ආදරෙන්..

උඹ මගේ දිහාට සිගරට්ටෙක දික්කළා.

මං ආසාවෙන් උඹට ගින්දර ඇල්ලුව.

අසම්මතේට උඹ හදිසියේ බය වුනා.

උඹ වගේ නිදහස් ගෑනියෙක් සිගරට් බිව්වට මොකද?

උඹ සිගරට්ටෙක අහකට ගත්ත.

මං තාමත් ගින්දර අල්ලගෙන.

උඹ හිතුව ගින්න නිවෙයි කියල.

ඒත් උඹට අවුලපු ගින්න තාම කෙළිං.

උඹට බය හිතුන.

උඹ සිගරට් බොන්න හිතපු විත්තිය උන්ට දැනෙයි කියල.

උඹ ගින්න නිවන්න හැදුව.

ඒත් තාම උඹට අවුලපු ගින්න කෙළිං.

උඹ තරහ වුනා.

උඹට ගින්න නිවන්න බැරිකමට.

උඹේ බැරිකමට ගින්න මක්කොරන්නද?

උඹේ බැරිකමට මං මක්කොරන්නද?

උඹට අවුලපු ගින්න තාම කෙළිං.

ඇත්තම කිව්වොත් කරදහියෙ ලිව්ව කතාව මට උඹට එසෙමෙස් එකකින් එවන්න බය හිතුන. මං ඒක වීරය වගේ නිල් කොලේක ලියල පර්ස් එකට ඔබාගත්ත.
Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com4tag:blogger.com,1999:blog-5192111897743872049.post-68823153986597679282011-09-26T10:45:00.000-07:002011-10-03T08:05:06.593-07:00ඈ ප්‍රියමනාප ගැහැණියක්!

මිනිසුන් දෙකම්මුල් උඩට ඉස්සෙන අවඥ්ඥා සහගත සිනහා නගමින් අප දෙස බලනු ලැබුවා. මා ඈ පසුපස ඇවිද ගියා. ඇගේ පෙම්වතුන් කවුදැයි සහ ඔවුන්ගේ විස්තර සියල්ල අසා සිටියා. මට ඒවා ගැන මතකයක් තිබුනේ නෑ. ඇයට ගිණිය නොහැකි මට්ටමේ පෙම්වතුන් සිටි අතර, ඔවුන්ගේ අඩුපාඩු ද එමට තිබුනා. ඈ අන් සහෝදරයන් අභිබවා මා විශ්වාස කල අතර මා ඇයගේ විශ්වාසය රැකීමට බැඳී සිටියා. ජුලියා, ඈ මගේ ලොකු අක්කා. කිව නොහැකි තරම් සමීප බවක් අප අතර වූ නමුත් ඈ කිසි දිනක මා හට තරවටු කලේ නෑ. වැරදි යයි සම්මත දේ කෙරෙහි ඇගේ ආකල්පය වෙනස් එකක්.

ඈ මාගේ අතේ වෙලී පාරේ ඇවිද යන දෙස බලා හිඳි වැඩිහිටියන් අපගේ හැසිරීම ගැන දොස් නැගුවා. "දැන් කාලෙ හැදෙන උන්", "මුන්ට විසේ" කියපු උන්ට පේන්නම අපි ඇවිද ගියා.. කතා කරමින්. අවලාද නැගූ කිසිවෙකුත් ඒ මාගේ සහෝදරිය යැයි නොදැන සිටි අතර මා මවුට තරමටම ඇයට ආදරය කරන බවත් විකෘති ලෙස තේරුම් ගෙන සිටියා. පාරේ එකට ඇවිද යනෙන අතරතුර ඈ මා හට හරියට වැරදි කරන සැටි කියා දුන්නා. ඈ රෝස පාටට අකමැති වූ අතර මේකප්, ෆේෂල් වලින් තොර වූ සෞන්දර්යයක් කෙරේ ඈ යොමුවී සිටියා. ඈ මා සමග වෙරලේ ඇවිද ගියා. අයිස්ක්‍රීම් දෙකක් ගෙන එන්න මා ඈතට යැවූ ඈ ඒ අතරතුර එහි ඇවිද යන පෙම්වතුන් යුවලකට බහින්බස් වීමට ඉඩ සැලස්වූවා.

"අක්ක ඇයි ඒ කොල්ල දිහා එහෙම බැලුවේ.. ඒකනේ එයත් එහෙම හැරිලා බැලුවේ."
"ඇයි ඌට කෙල්ලෙක් ඉඳිද්දිත් ඌ මගේ දිහා බලන්නේ? ලව් කරන කොල්ලොන්ට වෙනින් කෙල්ලෙක් දිහා බලන්න බැරිද? ආසා කරන එක තහනං ද?"

මාගේ ප්‍රශ්නයට ඈගෙන් ආපසු ප්‍රතිවිරුද්ධ මතයන් අවුස්සන ප්‍රශ්න දෙකක් නැගුනා. මා එතනින් ඒ කතාව නැවැත්වුවා.

ඈ මට කවදාවත් මල්ලී යැයි කීවේ නැහැ. ඔහේ දිවට ආ ආදර යෙදුම් විසින් ඈ මා ආමන්ත්‍රණය කලා. නමුත් මා ඇයට අක්කා කීමට පුරුදුව සිටියා.

"ප්‍රියමනාප මූණක් තියෙන ගෑණු, සමාජෙට බලෙන් ප්ලග් වෙන්න යන්නේ නෑ. සමාජේ ඒගොල්ලෝ වටේ එකතු වෙනවා, ඒගොල්ලෝ ප්‍රියමනාප නිසා. ඒක සෙක්ස් මුලට දාගෙන වෙන එකතුවීමක් නෙමෙයි. සෙක්ස් ඉස්සරහට ආව කියලත් ඔය බැඳීම අවුල් වෙන්නේ නෑ. ඒත් තමුන්ගේ ජීවිතේ සෙක්ස් විතරක්ම තියෙන එවුන් එක්ක ඔය වගේ බැඳීම් ගෙනියන්න බෑ.

ප්‍රියමනාප නැති කැත ගෑණු, සමාජෙට බලෙන් ප්ලග් වෙන්න යනවා. ප්‍රසිද්ධ වෙන්න දේවල් කරනවා. ඒක හරිම විකාරයක් විදියට බලං ඉන්න උන්ට පේනවා. උන් සෞම්‍ය පාටවල් ප්‍රමෝට් කරන, දාඩියට ඊයා කියන, පාරෙදි දකින හැම එකාගෙම දුක බෙදාගන්න බලාගෙන ඉන්නේ. තව එකක්, රූපේ ලස්සනක් නැති උනත් ප්‍රියමනාප ගෑණුත් ලෝකේ ඕනතරං ඉන්නවා.

අනිත් ජාතිය ප්‍රියමනාප නැති ලස්සන ගෑණු. ලස්සන උනැයි කියන එකෙන්ම මනුස්සයෙක්ගේ ඔක්කොම දේ හරියන්නේ නෑ. සමාජේ බලෙන් එහෙම උන්ට ප්ලග් වෙන්න එනවා. හැබැයි මුන් සමාජේ ප්‍රතික්ෂේප කරනවා. උන්ගේ ලස්සන ඇතුලේ උන් අතරමං වෙලා. ලස්සන කියන දෙයින් එහා ගිහින් ආදරයක් ගැන හිතන එක උන්ට වහල් බාවයක් වගේ. එනිසා ඔයා ගෑණු ආශ්‍රය කරාට කමක් නෑ. ඔය ටික ඔලුවේ තියාගෙන ආශ්‍රය කරන්න."

රළ ශබ්දය පමණක් දෙසවනට ඉතිරි කර ඇය නැවතත් ඇගේ දිව අයිස්ක්‍රීම් එක හා දවටමින් සිටියා. මගේ අක්කා ප්‍රියමනාප ගෑණියෙක්. මට පලවෙනි පාරට එහෙම හිතුනා. ඔව්, ජුලියා ප්‍රියමනාප ගෑණියෙක්!

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com6tag:blogger.com,1999:blog-5192111897743872049.post-70645542326996696142011-09-23T23:37:00.000-07:002011-09-23T23:37:37.089-07:00ඈ බුද්ධිමත් උගත්තියක් විය.

ජුලියා, ඈ බුද්ධිමත් විය. මා සමග වූ බොහෝ වාද විවාද වලදී නිහඬව සිටීමට තරම් ඈ බුද්ධිමත් විය. වරක් සමත් නොවූ උසස්පෙළ විභාගය නැවතත් නොකිරීමට තරම් ඈ බුද්ධිමත් විය. අඟේ සිට කන කන්නවුන්ට උපදෙස් නොදී මග හැරීමට තරම් ඈ බුද්ධිමත් විය. පියාගේ මුරණ්ඩු ගති උදෙසා බ්‍රහ්ම දණ්ඩය දීමට තරම් ඈ බුද්ධිමත් සහ නිර්භීත විය. උණුසුම්කාරී තත්වයන් වචනයකින් දෙකකින් සමථයකට පත්කිරීමට තරම් ඈ බුද්ධිමත් විය.

ඈ උසස් අධ්‍යාපනයට ගිය අතර පෞද්ගලික විශ්ව විද්‍යාලයකදී ඇයට මා හමුවිය. ඈ මා වෙත හෙලූ සිනහවන් මා පිලිබඳ ඇයගේ අදහස කුමක් දැයි දැනගැනීමේ මා තුල වූ කුතුහලය දැඩි කලේය. තත්වය නොසන්සුන්වූ සමයෙක මා ඇගෙන් ඒ පිලිබඳ විමසා සිටියෙමි. ප්‍රශ්නයට ඇයගෙන් ප්‍රශ්නයක් එල්ල විය.

"ඇයි ඕක ඔන්ලයින් අහන්නේ?"

ඉන්පසු මා ඇයගෙන් මුහුණට මුහුණ තත්වය විමසූ අතර, මුලින් කල වැරැද්දට දඬුවම් වශයෙන් පිළිතුර කල් දැමීමට ඈ තීරණය කර තිබිණි. මා වෙනත් ස්ත්‍රියකට ආලය කිරීමට පටන් ගත් අතර, කිහිප දිනකින් ජුලියා නැවත් සුභදායී පිළිතුරක් සමග මා වෙත පැමිණියාය. පැතූදේ අසල ගැවසෙන්නට ලද ඇසිල්ලේ නොපැතූ දේ හට මවිසින් ප්‍රේම කරමින් සිටියෙමි. සියල්ල සතුටින් විසඳී නැවතත් මා සිහින මැවූ ජුලියා තුරුල්ලේ විය.

ඉවසීම ඵල රහිත වූ කල මා සපිරීමට සිටි උපාධිය පසෙකලා මා සිහින මැවූ පත්තර රස්සාවට මිතුරු මාර්ගයෙන් මා එක්වූ අතර ඈ උපාධිධාරිණියක් වීමේ පරම ආධ්යාෂයෙන් විය. තත්වය සොඳුරු වූයේ අප එක්වන අවස්ථා වල අප හට දෙඩීමට වෙන වෙනස් වූ මාතෘකා බොහෝ වීම නිසාවෙනි. අවසන බුද්ධිමත් ඈ උගත් වීමට ගත් තීරණය සම්බන්ධව නූගත් මා බුද්ධිමත් ලෙස සතුටු විය.

නැවතත් ජුලියා ප්‍රධාන චරිතය රඟන ජුලියාගේ නිෂ්පාදනයකින් හමුවන තුරු ඔබට ජය!

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com3tag:blogger.com,1999:blog-5192111897743872049.post-4116477626568138332011-09-18T19:28:00.001-07:002011-09-18T19:51:53.561-07:00ඈ කවුද?

ජුලියා මෙලොව මින් පෙර මා දුටු සහ මේ විය හැකියැයි සිහින මවන තරුණියක්. ඈ මාගේ සිත තුල ගොතන්නේ ඔබ වන්නට පුලුවන්. නො එසේනම් ඔබ යැයි ඔබ විසින් හඳුන්වාගන්නේ ඈ වන්නටද පුලුවන්. මේ කතා ඇතුලේ ආදරයක්, දේශපාලනයක්, සාහිත්‍යයක් තියා මොන මගුලක් තිබුනත් මේ කතාවේ පොදු සාධකය ජුලියා. ඇය මට මෙය ඉදිරියට ගෙනයන්න උත්ප්‍රේරක සපයනු ඇති. මෙය නිෂ්ඵල වෑයමක් වන්නටත් පුලුවන්. ජුලියා ගැන ස්ථීර චිත්‍රයක් ඔබ විසින් මවා ගැනීම මා අනුමත කරන්නේ නෑ. මන්දයත් ජුලියා තරුණියක් වීමට බළාපොරොත්තුවෙන් සිටිනවා වන්නටත් පුලුවන්. නො එසේනම් ඈ තරුණයක් විය හැකියි. තවත් සමහර විටෙක ඈ දශකයකට දෙකකට පමණ පෙර තරුණියක්ව සිටියා වන්නටත් පුලුවන්. ඒත් නිෂ්පාදනය තුල ජුලියා තාරුණ්‍යයේ පමණක්ම ජීවත් වනු ලබනවා.

එසේනම් ලඟදීම හමුවෙමු ජුලියාගේ නිෂ්පාදනයක් තුලින්.

Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com5